The road.lk official blog

If it's not on road.lk it's not on the road

Carpool සදහා සිංහල වචනක් සෙවීමේ තරගය

March 4, 2015, 2:04 a.m. » carpool , rideshare , sinhala , contest

අපි carpool සේවාවක් ආරම්භ කරලා දැන් දවස් දෙක තුනක් වෙනවා. එත් අපට තවමත් ඒ සඳහා සුදුසු සිංහල වචනයක  සොයා ගන්න බැරි වුන. අප විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු කිහිප දෙනෙක්ගෙන්ම අසා  බැලුව. පැහැදිලි තනි වචනයක් නැති බව තමා බොහෝ අයගේ මතය වුනේ. එහෙනම් එක දෙයයි කරන්න තියෙන්නේ! අලුතින් වචනයක් නිර්මාණය කිරීම

ඒ නිසා අපි තරගයක් ආරම්භ කිරීමට තීරණය කළෙමු. හොඳම වචනය සොයා දෙන හෝ යෝජනා කරන තැනැත්තාට රුපියල් 2500 තෑග්ගක් හිමි වෙනවා. මෙම මුදල් ජයග්‍රාහකයාගේ road.lk  පසුම්බියට බැර කරනු ඇත. ජයග්රාහකයා මාර්තු 7 වන සෙනසුරාදා පෙරවරු 9:00 දී නම් කිරීමට යොදාගත්ත. 

ඉතින්ක් නොපමාව ඔබත් අපේ ෆේස්බුක් පිටුවේ දී ඔබ යෝජනා කරන වචනය පැහැදිලිව comment  එකක් ලෙස සටහන් කරන්න. නැතිනම් twitter හරහා දැන්ව එවන්න. අප සොයන්නේ carpool/rideshare යන වචන වලට සමාන සිංහල නමක්. 

මෙම සේවය පිළිබධ වැඩි විස්තර ලබාගන්න: http://docs.roadlk.com/carpooling/

මෙම සේවය අත්හද බලන්න : https://road.lk/pool/

මෙම සටහන ඉංග්‍රීසියෙන් කියවන්නන : This post in English

comments powered by Disqus